ඇන්ඩර්සන්, ක්‍රව්ලි ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, පාකිස්තානය සමග නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයේ දී බිද හෙලූ කඩුලු 7ත් සමගින්.

එහිදී ඔහු සිය ටෙස්ට් දිවියේ 600 වැනි කඩුල්ල ද බිද හෙලීමට සමත් වුණා.

ඇන්ඩර්සන් මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටියේ 14 වන ස්ථානයේ යි.

මේ අතර, තෙවැනි තරගයේ දී ලකුණු 267ක් ලබා ගනිමින් අගනා ද්විත්ව ශතකයක් වාර්තා කළ සැක් ක්‍රව්ලි පිතිකරණ අංශයේ ශ්‍රේණිගත කිරීම්හි 28 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 53කින්.

තෙවැනි තරගයේ දී ලකුණු 152ක් ලබා ගත් එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් ද පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි 21 වන ස්ථානය දක්වා ඉදිරියට පැමීණීමට සමත්ව තිබෙනවා.

ඔහු ස්ථාන 9 කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

පළමු ඉනිමේ දී ශතකයක් ලබා ගනිමින් ලකුණු 141ක් රැස් කළ පාකිස්තාන නායක අසාර් අලී ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 11 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට මේ වන විට හිමිව ඇත්තේ 23 වන ස්ථානයයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...