ආසියානු කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

2025 පිරිමි ආසියානු කුසලාන තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව සහ පාකිස්තානය A කාණ්ඩය යටතේ තරග වදිනු ඇති. ශ්‍රී ලංකාව තරග වදින්නේ “බී” කාණ්ඩයෙන්.

ඉන්දියාව හා පාකිස්තානය  අතර මූලික වටයේ තරගය  පැවැත්වෙන්නේ සැප්තැම්බර් 14 වැනිදායි.

දින 17 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ දින හා කාලසටහන නිවේදනය කරනු ලැබුවේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති සහ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ (PCB) සභාපති මොහ්සින් නක්වි විසිනුයි.

ඉදිරියේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය සැලකිල්ලට ගනිමින්, මෙවර තරගාවලිය T20I ආකෘතියෙන් පැවැත්වෙනවා.

පළමු වරට කණ්ඩායම් අටක් තරගාවලියට සහභාගී වන අතර, එය පෙර පැවති තරගාවලියට වඩා කණ්ඩායම් දෙකක වැඩිවීමක්.

ඉන්දියාවට සහ පාකිස්තානයට අමතරව “ඒ” කාණ්ඩයට ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතුළත් වනවා.

ශ්‍රී ලංකාව තරග වදින “බී” කාණ්ඩයට බංග්ලාදේශය, හොංකොං හා ඇෆ්ගනිස්තානයද ඇතුළත්.

සෑම කාණ්ඩයකින්ම පළමු ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන අතර, එම වටයේ පළමු ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් දෙක සැප්තැම්බර් 28 වන දින පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...