ආරාධිත T 20 තරගාවලියේ ශූරයින්ට හා අනුශූරයින්ට හිමිවන ත්‍යාග මුදල් ප්‍රකාශ කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට හා අනුශූරයින්ට හිමිවන ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(24) නිවේදනය කළා.

ඒ අනුව තරගාවලියේ ජයග්‍රාහකයින්ට රුපියල් මිලියන දෙකක මුදලක් පිරි නැමීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනුශූරයින්ට ලක්ෂ 15ක මුදලක් වෙන් කර තිබෙනවා.

තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ දෙකක මුදලක් හිමිවීමට නියමිත අතර, අවසන් තරගයේ වීරයාට හිමි වන ත්‍යාග මුදල රුපියල් 50,000ක්.

අවසන් මහා තරගය අද (24) රාත්‍රී 7.30ට මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එහිදී තරග වදින්නේ දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් කණ්ඩායම හා දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් කණ්ඩායමයි.

අවසන් මහා තරගය චැනල් අයි නාලිකාව ඔස්සේ මෙන්ම, Dialog TV Channel 1 හා SLC YouTube නාලිකාව ඔස්සේ ද සජීවීව නැරඹිය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...