අශේන් බණ්ඩාරට වැඩ වරදින ලකුණු – ක්‍රිකට් ආයතනය ගන්න යන ක්‍රියාමාර්ගය මෙන්න

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සිය අවධානය යොමු කර තිබෙනවා.

පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින අශේන් අසල්වැසි පුද්ගලයෙකුගේ නිවසකට ඇතුළු වී කළ බව කියන පහර දීමක් හේතුවෙනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණේ.

අසල්වැසි පුද්ගලයා මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම නිසා ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහර දීම සිදුව ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් අශේන් බණ්ඩාර පොලිස් ඇප මත මුදා හැරීමටයි කටයුතු කර තිබුණේ. නමුත්, ඔහු ලබන 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කළේ අශේන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමට අවශ්‍ය බවයි.

අශේන් බණ්ඩාර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමකට අත්සන් තබා නැතත්, ඔහු පොලිස් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම්ගතව මෙරට දේශීය තරගාවලි සදහා ක්‍රීඩා කරමින් සිටිනවා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ඈෂ්ලි ද සිල්වා මහතා පෙන්වා දෙනවා.

“අපි මුලින්ම කොන්ත්‍රාත්තුව දෙස මෙන්ම අදාළ සිද්ධිය දෙසත් බැලිය යුතුයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපකීර්තියට පත් කර ඇති බවට පෙනී යන්නේ නම්, අපට ගත හැකි ක්‍රියාමාර්ග තියෙනවා.” යනුවෙන් ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන් කර තිබෙනවා.

“ඒ නිසා අපි මේ කාරණය අභ්‍යන්තරව සාකච්ඡා කරනවා, ඒ වගේම පරීක්ෂණයක් අවශ්‍ය නම් අපි පරීක්ෂණයක් පවත්වනවා.”

26 හැවිරිදි අශේන් බණ්ඩාර දකුණත් මැද පෙල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන නමුත්, ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහුගේ විශිෂ්ඨ පන්දු රැකීමේ දක්ෂතාවය හේතුවෙනුයි.

ඔහු මේ දක්වා එක්දින තරග හයක් හා විස්සයි 20 තරග 6 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙල අතරතුරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...