අශ්වින්ගේ කඩුලු 12 හමුවේ කොදෙව්වන් පරදා ඉන්දියාවට ඉනිමක සුපිරි ජයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති  පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 141 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම මෙරට වේලාවෙන් අද(15) අලුයම සමත් වුණා.

ඒ, තරගයේ තෙවැනි දිනයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 130 කට දැවී යාමත් සමගයි.

Alick Athanaze ලකුණු 28ක් ලබා ගත් අතර, ජේසන් හෝල්ඩර් ලකුණු 20යි.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 71කට කඩුලු 7ක් දවා ගත්තා. ඔහු මෙම තරගයේ දී දවා ගත් සමස්ත කඩුලු සංඛ්‍යාව 12 ක්.

ඩොමිනිකා හි Windsor Park ක්‍රීඩාංගනයේ පැවැති තරගය තෙවැනි දිනය සඳහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 312 ක් ලබා සිටි අතර, ඔවුන් සිය  ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 5ක් දැවී ලකුණු 421  ක් ලබා සිටියදීයි.

නායක රෝහිත් ෂර්මා හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ යශස්වි ජයිස්වාල් පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 229 ක්.

සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ෂර්මා ලකුණු 103 කට දැවී ගියා.

මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ යශස්වි ජයිස්වාල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 171 ක්. පන්දු 387 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 16 ක් හා හයේ පහරක් ඇතුළත් වුණා.

විරාට් කෝලි ලකුණු 76 ක් සහ රවීන්ඩ්ද්‍ර ජඩේජා ලකුණු 37 ක් රැස් කළා.

තරගයේ කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන්ට සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි. Alick Athanaze ලකුණු 47 ක් රැස් කළා. පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 60 කට කඩුලු 5 ක් දවා ගත්තා.

ඒ අනුව ඉන්දියාව තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස මේ වන විට පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...