අලීම් ඩාර් ඉතිහාසගත වෙයි

Date:

ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වන පාකිස්තානයේ අලීම් ඩාර් අද නව ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

ඒ, වැඩිම එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින්.

ඔහු අද පැවැත්වෙන පාකිස්තාන – සිම්බාබ්වේ දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී යි මෙම කඩඉම පසු කළේ.

මේ වන විට අලීම් ඩාර් එක්දින ජාත්‍යන්තර තරග 210කදී පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ එක්දින තරග 209කදී පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකාවේ රූඩි කර්ට්සන්.

ඊට අමතරව බිලී බව්ඩන් එක්දින තරග 200කදී පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර අදාළ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවනවා.

වැඩිම ජාත්‍යන්තර තරග (ටෙස්ට්, එක්දින සහ 20යි 20) සංඛ්‍යාවකදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත්තේ ද අලීම් ඩාර් වීම විශේෂත්වයක්.

එම තරග සංඛ්‍යාව 388ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...