අපි ජයග්‍රහනය පුරුද්දක් ලෙස වර්ධනය කර ගන්න බලාපොරොත්තු වෙනවා : බංග්ලාදේශ වැඩබලන නායක

Date:

සිය කණ්ඩායම තරග ජයග්‍රහනය කිරීමේ පුරුද්දක් වර්ධනය කර ගැනීම සදහා අපේක්ෂාවෙන් පසුවන බව බංග්ලාදේශ 20යි 20 කණ්ඩායමේ වැඩබලන නායක නුරුල් හසාන් පවසනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් 20යි 20 තරගාවලියේ සිට එය පවත්වා ගෙන යාමට අවධානයෙන් පසුවන බවයි ඔහු සදහන් කළේ.

එම තරගාවලිය ජයග්‍රහනය කළහොත් ලබා ගන්නා ආත්ම විශ්වාසය නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් 20යි 20 තරගාවලිය සදහා හා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වැදගත් වනු ඇති බව නුරුල් හසාන්ගේ අදහසයි.

එළඹෙන 25 වැනිදා හා 27 වැනිදා පැවැත්වෙන 20යි 20 තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ සංචිතයේ ක්‍රීඩකයින් බ්‍රහස්පතින්දා (22) පස්වරුවේ දී ඩුබායි වෙත පිටත්ව ගියා.

නිත්‍ය නායක ශකිබ් අල් හසාන් කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් මෙම තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ නුරුල් හසාන්.

බංග්ලාදේශ කණ්ඩායම පසුගිය කාලයේ දී 20යි 20 තරග පිටියේ දී ඉහළ දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අතර, පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානයෙන් පසුව මේ දක්වා ක්‍රීඩා කළ 20යි 20 තරග 13 න් ඔවුන් ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි. (එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමුණා)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...