අපි කයින් ශක්තිමත්, නමුත් මානසිකව වැටිලා : ශකිබ්

Date:

බංග්ලාදේශ ක්‍රීඩකයින් ශාරීරිකව ශක්තිමත් නමුත් මානසිකව පහළ මට්ටමකට ඇද වැටී ඇති බව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් පවසනවා.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය (26) අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙම තරගයේ පළමු ඉනිමේ දී බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 24ක් තුළ බිද වැටුණු අතර, දෙවැනි ඉනිමේ දී ලකුණු 23කට ඔවුන්ගේ කඩුලු 4ක් දැවී ගියා.

මෙම දුර්වල පිතිහරඹය හේතුවෙන් මේ වන විට බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් ගැලවීමේ දැඩි සටනක ද නිරත වෙමින් සිටිනවා.

ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් ඉනිම් දෙකේ දී ම ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියා.

ඉනිම් දෙක තුළ දී ඔවුන්ගේ පිතිකරුවන් මේ වන විට ලකුණු නොලබා දැවී ගිය අවස්ථා 8ක් වාර්තා කර තිබෙනවා.

පිතිකරණයෙන් මෙලෙස අසමත් වීමට හේතුව ශකිබ් අල් හසාන්ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ දී ඔහු සදහන් කළේ මීට හේතුව ශාරීරික ගැටලුවක් නොව මානසික ගැටලුවක් බවයි.

“මම හිතන්නේ අපි ලෝකෙන්ම ශාරීරික යෝග්‍යතාවය අතින් ගත්තොත් ඉහළින්ම ඉන්න රටක්.” යනුවෙන් ශකිබ් අවධාරණය කළා.

“අපි වැඩිපුරම කාලය ගත කරන්නේ තරගවලදී පන්දු රැකීමටයි. මම හිතන්නේ අපි මේ තරගාවලියේ දී පන්දුවාර 400ක් පමණ පන්දු රැකලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම යෝග්‍යයි(ශාරීරිකව). බලන්න ලිටොන් ගැන, ඔහු පන්දුවාර 400ක් කඩුලු රැකලා ලකුණු 141ක් රැස් කළා. මුෂ්ෆික් ලකුණු 175ක් ලබා ගත්තා. මම හිතන්නේ අපි ශාරීරිකව යෝග්‍යමත්. නමුත් අපි මානසිකව පහතින් ඉන්නේ. අපිට සිද්ධ වෙනවා අපේ මානසිකත්වය ගැන අවධානය යොමු කරන්න. මම හිතන්නේ අපි අතරේ අසාර්ථක වීමේ බියක් තියෙනවා. අපි වෙනත් ආකාරයකින් සිතන්නේ නම්, අපට වඩා හොඳ ප්‍රතිපල ලබා ගත හැකියි.”

“අපිට පීඩනය දරාගන්න බැරි වුණා, එය මෑතක සිට සිදුවෙමින් පවතිනවා. මම කණ්ඩායමේ නැති වෙලාවෙත් එහෙම වුනා, දැන් කණ්ඩායමේ මම ඉන්නකොටත් වෙනවා. අපි පසුගිය කාලයේ දී දෙවැනි ඉනිමේ දී අසාර්ථක වුණා. අපට එය වැඩිදියුණු කිරීමට අවස්ථාවක් තිබුණා. නමුත් අපි අදත් අසාර්ථකයි. නමුත් එය අවසන් වීමට පෙර, අපි මෙය ‘අවසානය’ ලෙස හැඳින්විය යුතු නැහැ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...