Watch : LPL තරගාවලියේ වීරයා SLPL තරගාවලියේ දී මුහුණ දුන් දරුණු අනතුර මතකද?

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර ඉරිදා රාත්‍රියේ නිමා වුණේ සිව්වැනි වරටත් LPL ශූරතාවය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හිමි කර දෙමින්.

සුපිරි ශතකයක් වාර්තා කරමින් අවසන් තරගයේ වීරයා ලෙසත්, තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කරමින් දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානයෙනුත් මෙවර පිදුම් ලැබුවේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දකුණු අප්‍රිකා පිතිකරු රයිලි රුසෝව්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් පිල පන්දුවාර 15.4 ක් පමණක් අවසානයේ දී කඩුල්ලක් දැවී දැවැන්ත ජයග්‍රාහී ඉලක්කය පසු කර යාම විශේෂත්වයක්.

රුසෝව් පන්දු 53 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 106 ක්. ඔහුගේ ඉනිම හයේ පහර 7 කින් හා හතරේ පහර 9 කින් වර්ණවත් වුණා.

රයිලි රුසෝව් මීට පෙර 2012 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කළ අයුරු ඔබට මතක ඇති.

එම තරගාවලියේ දී ඔහුගේ සහභාගීත්වය බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත් වූයේ ලසිත් මාලිංගගේ කෙටි පන්දුවක් හිස් ආවරණයේ වැදීම නිසා ඔහු මුහුණ දුන් දරුණු අනතුරු හේතුවෙනුයි.

SLPL තරගාවලිය යටතේ 2012 වසරේ අගෝස්තු 25 වැනිදා පැවැති Basnahira Cricket Dundee හා Ruhuna Royals අතර තරගයේ දී යි රුසෝව් එම අනතුරට මුහුණ දුන්නේ.

පන්දුව හිස් ආවරණයේ වැදීමෙන් පසු රුධිරය වහනය වීමක් ද සිදු වූ අතර, ඒ හේතුවෙන් ලකුණු 31 ක් ලබා සිටියදී ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදු වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...