Watch : BBL තරගයක් අතරතුර වේගවත් පහරක් පක්ෂියෙකුගේ වැදීමෙන් සිදු වූ අවාසනාවන්ත අනතුර

Date:

2025 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගය අතරතුර දී පිතිකරුවෙකු එල්ල කළ පහරකින් පසුව පන්දුවක් පක්ෂියෙකුගේ ගැටුණු අවාසනාවන්ත සිදු වීමක් දැක ගත හැකි වුණා.

මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම හා සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අතර මෙරට වේලාවෙන් අද(9) දහවල් ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.

සිඩ්නි පිළිතුරු ඉනිමේ 10 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවට Joel Paris එල්ල කළ පහරක් මෙලෙස පක්ෂියෙකුගේ වැදීමෙන් අදාළ අනතුර සිදු වුණා.

හතරේ සීමාව ආසන්නයේදී වේගයෙන් ඇදී ආ පන්දුව එලෙස පක්ෂියාගේ ගැටුණු අතර, අනතුරුව පන්දුව හතරේ සීමාව පසු කර ඇදී ගියා.

එම අවස්ථාවේදී පක්ෂියාට දරුණු තුවාල සිදු වූ ආකාරයක් දැකගත හැකි වූ අතර, පසුව ක්‍රීඩාංගන සේවකයින් පක්ෂියාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...