Watch : හිස් ආවරණයේ දෝෂයක් නිසා timed out වේවි යැයි බියෙන් ක්‍රිස් වෝක්ස් කරපු දේ

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ සිදු වීමක් දක්නට ලැබුණා.

මෙම තරගය එංගලන්තය හා නෙදර්ලන්තය අතර ආරම්භ වුණේ පූනේ හී දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තා.

බෙන් ස්ටොක්ස් ලකුණු 108 යි. පන්දු යැවීමේ දී Bas de Leede ලකුණු 74 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස මොයීන් අලී දැවී ගියේ 36 වැනි පන්දුවාරයේ දී යි. අනතුරුව පිටියට පිවිසියේ ක්‍රිස් වෝක්ස්.

කෙසේ වෙතත්, ඔහුගේ හිස් ආවරණයේ යම් දෝෂයක් පවතින බව පිටියට මැදට පිවිසීමෙන් පසුව වෝක්ස්ට නිරීක්ෂණය වුණා.

අනතුරුව ඔහුට එය සකස් කර ගැනීම සදහා යම් කාලයක් ගත වන බැවින් වහාම ඔහු ඒ පිළිබද සිනහ මුසු මුහුණින් යුතුව විනිසුරුවන් දැනුවත් කිරීමට කටයුතු කළේ නියමිත කාලය තුළ නවක පිතිකරුවා පන්දුවට පහර දීමට සූදානම්ව නොසිටීම යන නීතියට අනුව (timed out) ඔහුව දවා ගැනීමට ප්‍රතිවාදී කණ්ඩායමට අවස්ථාව පවතින බැවිනුයි.

මීට පෙර බංග්ලාදේශයට එරෙහි තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් එවැනි දැවී යාමකට හසු වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ එවැනි දැවී යාමකට මුහුණ දුන් පළමු ක්‍රීඩකයා බවට පත් වෙමින්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...