Watch : සුපිරි හයේ පහරකින් කුසල් ජනිත් T20I ශතකලාභියෙක් වූ හැටි

Date:

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි 20 තරගයකදී ශතකයක් වාර්තා කළ තෙවැනි පිතිකරු ලෙස ඉතිහාසගත වීමට කුසල් ජනිත් පෙරේරාට අද(2) හැකි වුණා.

ඒ, නවසීලන්තය සමග නෙල්සන්හීදී මෙරට වේලාවෙන් අද පෙරවරුවේ ආරම්භ වූ තෙවැනි විස්සයි 20 තරගයේදීයි.

එම තරගයේදී පන්දු 46 කින් ලකුණු 101 ක් රැස් කිරීමට කුසල් සමත් වූ අතර, ඔහුගේ ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 13 කින් වර්ණවත් වුණා. (ශතකය වාර්තා කළ අයුරු පහතින් නරඹන්න)

ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර 2010 වසරේදී මහේල ජයවර්ධන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ද, 2011 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ද විස්සයි 20 පිටියේදී ශතක වාර්තා කර තිබුණා.

ඒ අනුව වසර 13 කට පසුවයි ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස් කිරීමට සමත් වුණේ.

2025 වසරේදී ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු රැස් කළ පළමු ශතකය වන්නේ ද කුසල් පෙරේරා අද වාර්තා කළ ශතකයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...