Watch : සුපිරි හයේ පහරක් සුපිරි උඩ පන්දුවක් වූ හැටි

Date:

එංගලන්තයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තරග 15 ක් මේ වන විට පවත්වා අවසන්ව තිබෙනවා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ක්‍රීඩා කළ තරග හතරම ජය ගත් London Spirit කණ්ඩායමයි.

ඊයේ රාත්‍රියේ පැවැති 15 වැනි තරගය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගයක් බවට පත් වුණා.

මෙම තරගය බර්මිංහැම් හී දී පැවැත්වුණේ Trent Rockets කණ්ඩායම හා Birmingham Phoenix කණ්ඩායම අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Trent Rockets කණ්ඩායම පන්දු 100 තුළ ලකුණු 145 ක් වාර්තා කළේ කඩුලු 6 ක් දැවී සිටියදී යි.

ඩැනියල් සෑම්ස් පන්දු 25 කින් නොදැවී ලකුණු 55 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Benny Howell ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Birmingham Phoenix කණ්ඩායම පන්දු 86 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 149 ක් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගත්තා. ඒ අනුව Birmingham කණ්ඩායමට කඩුලු 7ක ජයක් මෙම තරගයෙන් හිමි වුණා.

Birmingham Phoenix ඉනිම වර්ණවත් කළ නායක මොයීන් අලී පන්දු 28 කින් රැස් කළ ලකුණු ප්‍රමාණය 52 ක්. හයේ පහර 5 ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමගින් ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 32 කින් නොදැවී ලකුණු 51 ක් ලබා ගත්තා. ඔහු සිය අර්ධ ශතකය මෙන්ම තරගයේ ජයග්‍රාහී ලකුණ ද වාර්තා කළේ එක් අතකින් එල්ල කළ දැවැන්ත හයේ පහරකින් වීම කැපී පෙනුණා.(දර්ශන පහතින්)

එමෙන්ම ඔහු එක් අවස්ථාවක එල්ල කළ තවත් හයේ පහරක් දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ එය හයේ පහරක් වුව ද, විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීමක් ප්‍රදර්ශනය කිරීමට Sam Cook සමත් වීම හේතුවෙන්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...