Watch : සියල්ලන් සිනහ ගැන්වූ සධීර රැක ගත් උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (19) දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් උඩ පන්දුවක් රැක ගැනීමට සධීර සමරවික්‍රම සමත් වුණා.

අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 48 ක්.

ඒ අනුව තරගය ජය ගැනීමට ඔවුන් තවත් ලකුණු 83 ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමටනම් තවත් කඩුලු 7 ක් දවා ගත යුතුයි.

පාකිස්තාන ඉනිම ආරම්භ කළ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 8කට හා අංක 3 පිතිකරු වූ ශාන් මසූඩ් ලකුණු 7කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. නෝමන් අලී ලකුණු නොලබා සිටියදී දුවද්දී දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඉමාම් උල් හක් ලකුණු 25 ක් හා බාබර් අසාම් ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පළමු කඩුල්ල ලෙස අබ්දුල්ලාහ් ශෆික් දවා ගැනීම සදහායි සධීර විසින් බොහෝ දෙනෙකු සිනහවට ලක් කරමින් උඩ පන්දුවක් රැක ගනු ලැබුවේ.

එහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...