Watch : සියල්ලන් සිනහවට ලක් කරමින් දික්වැල්ල ඉල්ලන් කෑ නිපන්දුව

Date:

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද(30) රාත්‍රී 7.30 ට කොළඹ ආර්. ‍ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන් දික්වැල්ල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ජැෆ්නා කිංග්ස් ඉනිම අතරවාරයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වූයේ නිරෝෂන් දික්වැල්ල අතින් කඩුලු රැකීමේ දී සිදු වූ අත්වැරදීමක් හේතුවෙන් තෙවන විනිසුරු විසින් ප්‍රකාශයට පත් කළ නිපන්දුවයි.

ලක්ෂාන් සදකැන් යොමු කළ පන්දුවකින් අනතුරුව දික්වැල්ල විසින් කඩුල්ල බිද දැමූ අතර, අනතුරුව පිතිකරු ස්ටම්ප් කිරීමකට හසු වූයේ දැයි ඔහු විසින් විනිසුරුගෙන් විමසා සිටියා.

අනතුරුව විනිසුරු විසින් එය තෙවන විනිසුරු වෙත යොමු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, එය දැවී යාමක් නොවන බව පැහැදිලිවම දැකිය හැකි වූ නමුත්, දික්වැල්ල විසින් පන්දුව කඩුල්ලට ඉදිරියෙන් රැක ගන්නා ආකාරයක් පුනරූපනවලින් දක්නට ලැබුණා.

ඒ හේතුවෙන් තෙවන විනිසුරු විසින් එය නිපන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කළේ ක්‍රීඩකයින්, විස්තර විචාරකයින් හා ප්‍රේක්ෂකයින් ද සිනහවට ලක් කරමින්.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...