Watch : ස්මිත් BBL පිටිය කළඹයි, සුපිරි ශතකය අස්සේ වහලෙ වදින්න ගහපු අති දැවැන්ත හයේ පහර මෙන්න

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගයේදී අති විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් සුපිරි ශතකයක් වාර්තා කිරීමට සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ටීවන් ස්මිත් අද සමත් වුණා.

සිඩ්නිහීදී පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තා. ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 110 ක් රැස් කළේ පන්දු 65 කින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සික්සර්ස් කණ්ඩායම පන්දුවාර 17.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 191 ක් ලබා තරගය ජය ගත්තා.

ස්මිත් පන්දු 42 කින් ලකුණු 100 ක් ලබා ගත්තේ හයේ පහර 9ක් හා හතරේ පහර 5 ක් සමගින්.

ඔහු එල්ල කළ එක් හයේ පහරක් මීටර් 107 ක් දුරට එල්ල කිරීමට සමත් වීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් අවස්ථාවක් බවට පත් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...