Watch : ස්ටොක්ස් අන්ත අසරණ කළ මෝතිගේ සුපිරි දග පන්දුව

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(11).

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 189 ක්.

අද දිනයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්ගේ කඩුල්ල දවා ගැනීමට කොදෙව් දග පන්දු යවන ක්‍රීඩක ගුඩකේෂ් මෝති සමත් වීම කැපී පෙනුණා.

දැවී යන විට ස්ටොක්ස් ලබා සිටියේ ලකුණු 4 ක් පමණයි. මෝති යොමු කළ තියුණු දග කැවීමක් සහිත පන්දුවක් කෙළින්ම මැද ඉන්නේ වැදීමෙන් ස්ටොක්ස් දැවී ගියා. (දර්ශන කිහිපයක් පහතින්)

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 121 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...