Watch : සංජු සැම්සන් යළිත් වනිදුට ගොදුරු වූ හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී අද(5) රාත්‍රියේ ආරම්භ වුණා.

ඒ, කුමාර් සංගක්කාර පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා වනිදු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් පිල පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

ජොස් බට්ලර් පන්දු 47කින් නොදැවී ලකුණු 70ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී, වනිදු හසරංග හා හර්ෂාල් පටෙල් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

වනිදු විසින් දවා ගත්තේ රාජස්ථාන් නායක සංජු සැම්සන්ගේ කඩුල්ලයි. (දර්ශන පහතින්)

වනිදු විසින් 20යි 20 පිටියේ දී සංජු සැම්සන්ව දවා ගත් සිව්වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

ඉනිම් 5කදී වනිදුට එරෙහිව සංජු පන්දු 15ක් තුළ රැස් කර ගෙන ඇත්තේ ලකුණු 8ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...