Watch : ශ්‍රී ලංකාවට හිසරදයක් වූ ලකුණු 272ක සබදතාවය රාජිත බිද දැමූ හැටි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දෙවැනි දිනය අදයි(24).

දිනය ආරම්භ කරන විට ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 277ක්.

මුෂ්ෆිකර් රහීම් හා ලිටොන් දාස් අතර 6 වැනි කඩුල්ලට ලකුණු 253ක නොබිදුණු සබදතාවයක් ඒ වන විට ගොඩ නැගී තිබූ අතර, එම සබදතාවය බිද දැමීමට අද දිනයේ දී කසුන් රාජිත සමත් වුණා.

ඒ, ලිටොන් දාස් ලකුණු 141කට දවා ගනිමින්.

පන්දු 246කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 16ක් ඇතුළත්.

ඔහු දැවී යන විට රහීම් හා දාස් අතර ගොඩ නැගී තිබූ සබතාවය ලකුණු 272ක්.

එම කඩුල්ල දවා ගැනීමෙන් පසුව කසුන් රාජිත විසින් මොසඩැක් හොසේන්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

හොසේන්ගේ කඩුල්ලත් සමග රාජිත සිය ටෙස්ට් දිවියේ බිද හෙලූ පළමු කඩුලු පහේ අවස්ථාව සනිටුහන් කිරීම කැපී පෙනුණා.

එහ කඩුලු දෙක පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...