Watch : විස්තර විචාරකයින් අමාරුවේ දාපු කොන්ස්ටස් ගහපු අරුම පුදුම Reverse malachi පහර මෙන්න

Date:

බිග් බීෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේදී Sydney Thunder කණ්ඩායමේ ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටස් අද(22) අපූර්ව රිවර්ස් පහරක් එල්ල කළා.

Brisbane Heat කණ්ඩායම සමග කැන්බරාහීදී පැවැති තරගයේදීයි ඔහු මෙම අලංකාර හතරේ පහර එල්ල කළේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 193 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හීට් කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.

ඒ අනුව තන්ඩර් කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 34 ක ජයක් හිමි වුණා.

පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් ඉනිමේ සිව්වැනි පන්දුවාරයේදීයි කොන්ස්ටස් විසින් අපූර්ව රිවර්ස් පහරක් එල්ල කළේ. එම පහරට කුමන නමක් පවසන්නේ ද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර විස්තර විචාරකයින්ට පවා සිතා ගැනීමට නොහැකි වුණා.

ඇතැම් විචාරකයින් Reverse lap පහරක් ලෙසත්, Reverse scoop පහරක් ලෙසත් එය හදුන්වද්දී තවත් විස්තර විචාරකයෙකු එයට ලබා දුන්නේ Reverse malachi යන නමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...