Watch : ලෝක කුසලානයේ තමන් යැවූ තෙවැනි පන්දුවෙන්ම මැතිව්ස් දවා ගත් කඩුල්ල

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තමන් යොමු කළ තෙවැනි පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් අද(26) සමත් වුණා.

ඒ, තරගාවලියේ 25 වැනි තරගයේ දී එංගලන්ත ආරම්භක පිතිකරු ඩේවිඩ් මලාන් දවා ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඉනිමේ පළමු කඩුල්ල බිද වැටුණේ මුළු ලකුණු පුවරුව 45 ක් ලෙස සටහන්ව තිබියදීයි.

මෙවර තරගාවලියේ සිය පළමු තරගයට ක්‍රීඩා කරන මැතිව්ස් මෙම තරගයේ දී යොමු කළ පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවෙන්ම එංගලන්ත පළමු කඩුල්ල බිද වැටීම කැපී පෙනුණා.

ඔහු යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි මලාන් දැවී ගියේ.

මෙම පන්දුවාරය මැතිව්ස් විසින් 2020 වසරෙන් පසුව එක්දින ජාත්‍යන්තර පිටියේ දී යොමු කළ පළමු පන්දුවාරය වීම ද විශේෂත්වයක්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...