Watch : ලොවම කතා කළ අවාසනාවන්ත ස්ටම්ප් දැවී යාම මෙන්න

Date:

කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ ස්ටම්ප් දැවී යාමකට Sophie Devine අද ගොදුරු වුණා.

Perth Scorchers හා Sydney Sixers අතර මෙම තරගය පැවැති අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් පර්ත් පිල පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 109 ක් පමණයි.

සිඩ්නි පිල පන්දුවාර 12.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රහනය වාර්තා කළා.

පළමුව පන්දුවට පහරදුන් පර්ත් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසයි Sophie Devine ස්ටම්ප් වීමකට හසු වුණේ.

මෙහිදී විශේෂත්වය වූයේ කඩුලු රකින ක්‍රීඩිකා Manix-Geeves විසින් ඇයගේ අතින් කඩුල්ල බිද හෙලමින් මෙම කඩුල්ල දවා නොගැනීමයි. ඒ වෙනුවට සිදු වූයේ ඇයගේ ශරීරයේ වැදුණු පන්දුව කඩුල්ලේ වැදී සුළු වේලාවකට පසු බේල්ස් ඉවත් වීම නිසා Devine ට සිය කඩුල්ල අහිමි වීමයි.

එහිදී පන්දුව කඩුල්ලේ වැදුණේ ද? නැත්නම් අත් ආවරණ කඩුල්ලේ වැදීම නිසා බේල්ස් ඉවත් වූයේ ද යන්න තහවුරු කර ගැනීමට තෙවන විනිසුරුවරියට යම් කාලවේලාවක් ගත කිරීමට ද සිදු වුණා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...