Watch : මොහොමඩ් ෂාමිට එරෙහිව ලියම් ලිවින්ග්ස්ටන්ගේ සුපිරි ප්‍රහාරය – 6, 6, 6, 4, 2 , 4

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 48 වන තරඟය ඊයේ(3) රාත්‍රියේ දී මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී අවසන් වුණේ තරගාවලියේ උණුසුම මෙන්ම අයි.පී.එල් තරගාවලියේ ප්‍රේක්ෂක ආකර්ෂණය තවදුරටත් ඉහළ නංවමින්.

ඒ පංජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ලියම් ලිවින්ග්ස්ටන්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන්.

තරගය පැවැත්වුණේ පංජාබ් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 143 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ දී කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශිකර් ධවාන් නොදැවී ලකුණු 62ක් හා භානුක රාජපක්ෂ ලකුණු 40(28)ක් රැස් කළා. ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 10කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 30ක්.

තරගයේ අවසන් පන්දු 30 තුළ දී ජය ගැනීම සඳහා ලකුණු 27ක් ලබා ගැනීමට පංජාබ් කණ්ඩායමට අවශ්‍ය වුණා.

කෙසේ වෙතත්, එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට ලිවින්ග්ස්ටන් වැය කළේ පන්දු 6ක් පමණයි.

මොහොමඩ් ෂාමි යොමු කළ 16 වැනි පන්දුවාරයේදී ඔහු හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් සමගින් තරගයේ ජය පහසුවෙන්ම සිය කණ්ඩායමට තහවුරු කර දුන්නා. (6, 6, 6, 4, 2 , 4)

ඔහු එල්ල කළ එක් හයේ පහරක් මීටර් 117ක් දුරට ඇදී යාම විශේෂත්වයක්.

එය මෙවර තරඟ වාරයේදී පිතිකරුවෙකු එල්ල කළ දැවැන්තම හයේ පහර ද වනවා.

ලියම් ලිවින්ග්ස්ටන්ගේ සුපිරි ප්‍රහාරය පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...