Watch : ලයන් පිහිටු වූ වාර්තාවට මැක්ග්‍රාත් දැක් වූ අරුම පුදුම ප්‍රතිචාරය

Date:

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ දෙවැනි දිනය වන අද දිනයේදී නේදන් ලයන් සුවිශේෂී කඩඉමක් පසු කළා.

ඒ, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ ක්‍රීඩකයින් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වෙමින්.

සුපිරි පන්දුවක් යොමු කරමින් බෙන් ඩකට්ගේ කඩුල්ල දවා ගනිමිනුයි ඔහු මෙම කඩඉම පසු කළේ.

ඒ අනුව ටෙස්ට් කඩුලු 563 ක් දවා ගෙන සිටි ග්ලේන් මැක්ග්‍රාත්ට මේ වන විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ ක්‍රීඩකයින් ලැයිස්තුවේ හිමිව ඇත්තේ 3 වැනි ස්ථානයයි.

නේදන් ලයන් අදාළ පන්දුවාරයේදී කඩුලු දෙකක් දවා ගනිමින් ටෙස්ට් කඩුලු 564 කට හිමිකම් කීමට සමත් වුණා.

මෙම අවස්ථාවේදී ජාත්‍යන්තර විස්තර විචාරක කටයුතුවල නිරතව සිටි ග්ලේන් මැක්ග්‍රාත් තමන්ට අහිමි වූ වාර්තාවට විහිළුවට මෙන් ආවේගශීලීව හැසිරීමට ගත් උත්සාහය බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට යොමු වුණා.

ලයන් දවා ගත් කඩුල්ල හා ඊට මැක්ග්‍රාත් දැක්වූ ප්‍රතිචාරය ඇතුළත් වීඩියෝ දෙකක් පහතින් :

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...