Watch : රහීම් දවා ගැනීමට රාජිත යොමු කළ සුපිරි පන්දුව

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි (27).

අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 14ක් හා ලිටොන් දාස් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස මුෂ්ෆිකර් රහීම් දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි රහීම් දැවී ගියේ.(දර්ශන පහතින්)

ඒ වන විට මුෂ්ෆිකර් රහීම් පන්දු 39 කින් ලකුණු 23ක් ලබා සිටියා.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ දී ටමිම් ඉක්බාල් ලකුණු නොලබා දැවී ගිය අතර, නජ්මුල් හොසේන් ලකුණු 2කට දුවද්දී දැවී ගියා. නායක මොමිනුල් හක්ට ද ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. මහ්මුදුල් හසාන් ලකුණු 15යි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 365ක්.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 506ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...