Watch : රෂීඩ්ට එරෙහිව පොලාඩ්ගෙන් පිට පිට හයේ පහර 5ක්

Date:

2024 හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයේ දී රෂීඩ් ඛාන්ට එරෙහිව පන්දුවාරයක සියලු පන්දුවලට හයේ පහරවල් එල්ල කිරීමට කයිරන් පොලාඩ් සමත් වුණා.

Trent Rockets කණ්ඩායම හා Southern Brave කණ්ඩායම අතර පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් Rockets කණ්ඩායම නියමිත පන්දු 100 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 126 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Brave කණ්ඩායම පන්දු 99 ක් අවසානයේ දී කඩුලු 8 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පොලාඩ් පන්දු 23 කින් වේගවත් ලකුණු 45 ක් ලබා ගනිමින් Brave කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

හන්ඩ්‍රඩ් තරගාවලියේ දී එක් පන්දුවාරයකට පන්දු 5 ක් පමණක් යොමු කෙරෙන අතර, රෂීඩ් ඛාන් යොමු කළ ඉනිමේ 81, 82, 83, 84 හා 85 යන පන්දුවලටයි පොලාඩ් මෙලෙස හයේ පහර 5 ක් අඛණ්ඩව එල්ල කිරීමට සමත් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...