Watch : යොවුන් ලෝක කුසලානයේ පෙරළියක් කරමින් විරාන් පිහිටුවූ ලෝක වාර්තාව

Date:

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේදී පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු විරාන් චමුදිත අද සමත් වුණා.

ඒ, 2026 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 8 වැනි තරගයේදී ජපාන යොවුන් කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 387 ක් ලබා ගත්තා.

චමුදිත හා දිමන්ත මහවිතාන පළමු කඩුල්ල ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 328 ක්. එය යොවුන් එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලකට වාර්තා වූ හොදම සම්බන්ධතාවයයි.

දිමන්ත පන්දු 125 කින් ලකුණු 115 ක් රැස් කළේ හතරේ පහර 11 ක් සමගින්.

විරාන් ලකුණු 192 ක් ලබා සිටියදී ද්විත්ව ශතකය අභියස අවාසනාවන්ත ලෙස දැවී ගියා. පන්දු 143 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 26 ක් ඇතුළත්.

මීට පෙර 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේදී පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේම හසිත බොයගොඩයි. ඔහු 2018 වසරේදී කෙන්යාවට එරෙහිව ලකුණු 191 ක් ලබා එම වාර්තාව පිහිටුවා තිබුණා.

විරාන් ලෝක වාර්තාව පිහිටුවූ අවස්ථාව හා ඔහු දැවී ගිය ආකාරය ඇතුළත් වීඩියෝ පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...