Watch : මැතිව්ස්ට සමච්චල් කරමින් රහීම් ජය සැමරූ හැටි

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද(18) නිමා වුණේ බංග්ලාදේශයට තරග 2-1 ක් ලෙස එක්දින තරගාවලියේ ජය හිමි කර දෙමින්.

දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගැනීමෙන් පසුවයි බංග්ලාදේශය මෙලෙස එක්දින තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට සමත් වුණේ.

විස්සයි 20 තරගාවලිය ජය ගැනීමෙන් පසුව ශූරතා කුසලානය සමග ජය සැමරීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය අත් ඔරලෝසු හා මැණික්කටුව ප්‍රදේශය පෙන්වමින් ජය සැමරූ අයුරු ඔබට මතක ඇති.

ඇන්ජෙලෝ මැතිව්ස් Timed out ක්‍රමවේදය ඔස්සේ දවා ගැනීමට බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියේ දී කටයුතු කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම සැමරීම සිදු කළා.

මෙම සැමරීමට ප්‍රතිචාර දැක්වීමට බංග්ලාදේශ ක්‍රීඩකයින් අද කටයුතු කළ අයුරු දක්නට ලැබුණා. එක්දින තරගාවලියේ ජය වෙනුවෙන් ඔවුන්ට පිරිනැමුණු ශූරතා කුසලානය සමග ජය සැමරීමේ දී මුෂ්ෆිකර් රහීම් විසින් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ Timed out දැවී යාම අනුකරණය කරමින් රග දක්වන අයුරු දැකිය හැකි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...