Watch : මතීෂ අවසන් පන්දුවාරයේ දී බිද හෙලූ කඩුලු 2

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(6) පස්වරුවේ දී චෙන්නායි හී දී ආරම්භ වූ තරගාවලියේ 49 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත් වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ මෙම තරගයේ දී ඔහු කඩුලු 3 ක් දවා ගත්තා.

සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 15 ක් පමණක් ලබා දෙමින් මතීෂ එම කඩුලු 3 බිද හෙලුවා. නිලකුණු පන්දු 12 ක් පතිරණගේ පන්දු 24 ට ඇතුළත්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ලකුණු 64 ක් ලබා සිටි Nehal Wadhera, එක් ලකුණක් ලබා සිටි අර්ෂාද් ඛාන් හා ලකුණු 20 ක් ලබා සිටි ට්‍රිස්ටන් ස්ටබ්ස් යන පිතිකරුවන්.

අවසන් පන්දුවාරයේ දී යි අර්ෂාද් ඛාන්ගේ හා ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ කඩුලු දවා ගැනීමට ඔහු සමත් වුණේ.

අවසන් පන්දුවාරයේ දී දවා ගත් කඩුලු දෙක පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...