Watch : භානුකගෙන් වේගවත් ඉනිමක් ; සල්මි පිලට ලකුණු 13 ක ජයක්

Date:

මොහමඩ් හැරිස්ගේ හා භානුක රාජපක්ෂගේ විශිෂ්ඨ ඉනිම් හමුවේ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට පෙෂාවර් සල්මි කණ්ඩායම අද(12) සමත් වුණා.

ඔවුන් හමුවේ රාවල්පින්ඩි හී දී පැවැති තරගයේ දී ලකුණු 13 කින් පරාජයට පත් වූයේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සල්මි කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 179 ක් ලබා ගත්තා.

මොහමඩ් හැරිස් ලකුණු 79 ක් පන්දු 39 කින් වාර්තා කළ අතර, භානුක රාජපක්ෂ ලකුණූ 41 ක් වාර්තා කළේ පන්දු 25 කින්. භානුකගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී හසන් අලී ලකුණු 39 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුනයිටඩ් කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

ෆහීම් අෂ්රෆ් පන්දු 13 කින් ලකුණූ 38 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Khurram Shahzad හා Sufiyan Muqeem කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...