Watch : සියල්ලන් සිනහ ගන්වමින් පිතිකරුවාගෙන්ම විමසා මොහමඩ් රිස්වාන් ලබා ගත් Review අවස්ථාව

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(8) ඇඩිලේඩ්හී දී නිමා වුණේ පාකිස්තානයට කඩුලු 9ක විශිෂ්ඨ ජයක් හිමි කර දෙමින්.

මෙම තරගයේ දී ඔස්ට්‍රේලියානු අංක 10 පිතිකරු ඇඩම් සම්පා දවා ගැනීමට උත්සාහ දරමින් පාකිස්තානය විසින් ලබා ගත් විනිසුරු තීරණ නැවත විමසීමේ (Review) අවස්ථාවක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 34 වැනි පන්දුවාරය නසීම් ශාහ් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ එක් පන්දුවක් ඔහු කෙටි පන්දුවක් ලෙස යොමු කළා.

පිතිකරුවාගේ අත් ආවරණවලට තරමක් ආසන්නයෙන් ඇදී ගිය එම පන්දුව කඩුලු රකින ක්‍රීඩක නායක මොහමඩ් රිස්වාන් විසින් රැක ගැනීමෙන් පසුව එය දැවී යාමක් ලෙස සංඥා කරන ලෙස පාකිස්තාන ක්‍රීඩකයින් විනිසුරුගෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, විනිසුරු එය නොදැවී යාමක් ලෙස සංඥා කළ අතර, පසුව නායක රිස්වාන් හා නසීම් ශාහ් අතර අදාළ තීරණයට එරෙහිව විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාවක් ලබා ගන්නේ දැයි සාකච්ඡාවක් සිදු වන අයුරු දැක ගත හැකි වුණා.

විශේෂත්වය වූයේ එම අවස්ථාවේ දී රිස්වාන් විසින් තමා විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාවක් ලබා ගත යුතු දැයි ඇඩම් සම්පාගෙන් විමසා සිටීමට කටයුතු කිරීමයි.

අනතුරුව ඇඩම් සම්පා ප්‍රකාශ කළේ “ඔව් ඔබ එය ලබා ගත යුතුයි” යනුවෙනුයි. පසුව රිස්වාන් විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාවකට යොමු වූයේ තරගය නැරඹූ සියලු දෙනා සිනහවට ලක් කරමින්. නමුත්, එය නොදැවී යාමක් ලෙසයි තෙවන විනිසුරු ද තීරණය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...