Watch : පිතිකරණයේ නිරතව සිටියදී රිෂාබ් පාන්ට් බංග්ලාදේශ පන්දු රකින්නන් සැකසූ හැටි

Date:

ඉන්දියාව හා බංග්ලාදේශය අතර චෙන්නායි හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 4 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව බංග්ලාදේශයට තරගය ජය ගැනීම සදහා හිමිව ඇති ඉලක්කය ලකුණු 515 ක්.

ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 119 ක් හා රිෂාබ් පාන්ට් ලකුණු 109 ක් රැස් කරමින් ඉන්දීය දෙවැනි ඉනිම ශක්තිමත් කළා.

මේ අතර, පිතිකරණයේ නිරතව සිටියදී රිෂාබ් පාන්ට් විසින් බංග්ලාදේශ පන්දු රකින්නෙකු රැදී සිටිය යුතු ස්ථානය සකස් කිරීමට ගත් හාස්‍යජනක අවස්ථාවක් ද දැක ගත හැකි වූ අතර, ඊට අදාළ වීඩියෝව මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වන ආකාරයක් දක්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...