Watch : පිට ඉන්න ගැලවූ ඇන්ඩර්සන්ගේ සුපිරි වේග පන්දුව

Date:

එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(27).

දිනය ආරම්භ කරන විට මැන්චෙස්ටර්හි Emirates Old Trafford ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 23 ක් ලබා සිටියා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක ඩීන් එල්ගර් ලකුණු 11 කට දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි එල්ගර් දැවී ගියේ.(දර්ශන පහතින්)

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 151 ක් පමණයි.

පිළිතුරු ලෙස එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 415 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...