Watch : පැතුම් දවා ගන්න සවුති රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නවසීලන්ත නායක ටිම් සවුති අද (20) සමත් වුණා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු දෙකකට දවා ගැනීම සදහායි ඔහු එක් අතකින් එම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ. (දර්ශන පහතින්)

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 340 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 305 ට පිළිතුරු ලෙසයි.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 32 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 3 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...