Watch : පළමු පන්දුවාරයේ දී ම කඩුලු 4 ක් දවා ගනිමින් අෆ්රිඩි ඉතිහාසගත වෙයි

Date:

එංගලන්ත ප්‍රාන්ත 20යි 20 තරගාවලිය යටතේ (Vitality Blast) නොටින්හැම් හී දී ඊයේ (30) රාත්‍රියේ පැවැති තරගයකදී සුවිශේෂී පන්දු යැවීමක නිරත වෙමින් ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම කඩුලු 4 ක් දවා ගැනීමට Nottinghamshire කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි සමත් වුණා.

සිය ඉනිමේ පළමු පන්දුවාරයෙන්ම කඩුලු 4 ක් බිද වැටුණු පසුබිමක වුවද, Birmingham Bears කණ්ඩායම තමන්ට ලද ලකුණු 169 ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 19.1 ක් තුළ කඩුලු 8ක් දැවී පසු කර යාම විශේෂත්වයක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Nottinghamshire කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 168 ක් ලබා ගත්තා.

ටොම් මුවර්ස් ලකුණු 73 ක් රැස් කළේ පන්දු 42 කින්. ඒ‍ හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් සමගින්.

පන්දු යැවීමේ දී හසන් අලී හා Jake Lintott කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී යි Birmingham Bears කණ්ඩායමේ මුල් කඩුලු 4 පළමු පන්දුවාරයෙන්ම දැවී ගියේ.

ඉනිමේ පළමු පන්දුව වයිඩ් පන්දුවක් වූ අතර, පළමු නීත්‍යානුකූල පන්දුවේ දී Alex Davies දැවී ගියා. දෙවැනි පන්දුවෙන් Chris Benjamin දැවී ගිය අතර, Dan Mousley දැවී ගියේ එම පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී යි. පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේ දී Ed Barnard දැවී ගියා.

20යි 20 තරගයකදී ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම කඩුලු 4 ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙසයි අෆ්රිඩි ඉතිහාසගත වුණේ.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Rob Yates ලකුණු 65 ක් රැස් කරමින් බිද වැටුණු ඉනිම ගොඩ ගත් අතර, Jacob Bethell හා Jake Lintott(නොදැවී) ලකුණු 27 බැගින් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී අෆ්රිඩි ලකුණූ 29 කට කඩුලු 4 ක් දවා ගත් අතර, Jake Ball ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පළමු පන්දුවාරයේ දැවී ගිය කඩුලු 4 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...