Watch : පළමු කඩුල්ල දවා ගැනීමට මදුෂ්ක රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නිශාන් මදුෂ්ක අද(24) සමත් වුණා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ පාකිස්තාන පළමු ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීම සදහායි ඔහු විසින් එම උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ එහිදී දැවී ගියේ ලකුණු 6 ක් ලබා සිටි ඉමාම් උල් හක්. (දර්ශන පහතින්)

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත්තා. ඔහු හා දිනේෂ් චන්දිමාල් අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 85(119) ක්. ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 36 කට දැවී ගිය පසුබිමකයි ඔවුන් දෙදෙනා එම සම්බන්ධතාවය ගොඩ නැගුවේ. චන්දිමාල් ලකුණු 34 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් ලකණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...