Watch : පළමු ඉනිමේ 93 ක් රැස් කළ මෙන්ඩිස් දෙවැනි ඉනිමේ දී යළි අසාර්ථක වෙයි

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(1).

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 178 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 531 ක් රැස් කළ පසුබිමකයි.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 15 ක් තුළ දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

දිමුත් කරුණාරත්න ලකුණු 4 කට දැවී ගියේ හසාන් මහ්මුද්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන්. කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු දෙකක් පමණයි. කලෙඩ් අහ්මඩ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනුුයි මෙන්ඩිස් දැවී ගියේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස විශාල වගකීමක් කුසල් මෙන්ඩිස්ට පැවරී ඇති නමුත්, ඔහු අඛණ්ඩව දක්ෂතා ‌නොදැක්වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් බොහෝ පාර්ශවවල නිරතුරුවම විවේචනයට ලක්වන අයුරු දැකිය හැකියි.

එවැනි පසුබිමකයි ඔහු පළමු ඉනිමේ දී ලකුණු 93 ක් රැස් කිරීමට සමත් වුණේ. නමුත්, දෙවැනි ඉනිමේ දී ඔහු මෙලෙස යළිත් පිත්තෙන් අසාර්ථක වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...