Watch : නේපාල නායකයාගේ සුපිරි පන්දු රැකීම හමුවේ ඉමාම් දැවී ගිය හැටි

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(30) පස්වරු 3 ට මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

පළමු තරගය පැවැත්වෙන්නේ සම සත්කාරක පාකිස්තාන කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතරයි.

මෙය ආසියානු කුසලාන ඉතිහාසයේ දී නේපාලය ක්‍රීඩා කරන පළමු තරගය වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෆකාර් සමාන් ලකුණු 14 කට දැවී ගියා. ඒ, Karan KC ගේ පන්දුවක් හුමවේ Aasif Sheikh අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

අනතුරුව සුපිරි පන්දු රැකීමක් හමුවේ දුවද්දී දැවී යාමට ඉමාම් උල් හක්ට සිදු වුණා.

ඉක්මන් ලකුණක් කරා දිව යාමට ඉමාම් උත්සාහ දැරූ නමුත්, නේපාල නායක Rohit Paudel විසින් කඩුල්ලට විසි කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ඉමාම්ට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණා.

දැවී යන විට ඉමාම් උල් හක් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 5 ක්. (එම දැවී යාමේ දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...