Watch : නායක ශන්තෝ දැවී ගිය කුමාරගේ අනර්ඝ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.(2)

අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ කණ්ඩායමේ දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල දවා ගැනීම සදහා අනර්ඝ පන්දුවක් යොමු කිරීමට ලහිරු කුමාර සමත් වුණා.

එහිදී පිට ඉන්නේ පන්දුව කෙළින්ම වැදීම හේතුවෙන් දැවී ගියේ බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ශන්තෝ. (දර්ශන පහතින්)

ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 20 ක්. බංග්ලාදේශ කණ්ඩායමේ තෙවැනි කඩුල්ල දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව සටහන්ව තිබුණේ 94 ක් ලෙසයි.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

Watch : මැද ඉන්න ගැලවූ ප්‍රභාත්ගේ පන්දුව

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...