Watch : දික්වැල්ලගේ ස්ටම්ප් කිරීමක් හමුවේ අසලංක දැවී ගිය හැටි

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය අද(30) රාත්‍රියේ දී අබුඩාබි හී දී ආරම්භ වුණා.

ඒ, අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ඩුබායි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඩුබායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් ලබා ගත්තා.

ජෝ ක්ලාක් ලකුණු 52 ක් රැස් කළේ පන්දු 27 කින්. සුනිල් නරේන් ලකුණු 23(13) යි.

ධනංජය ද සිල්වා ලකුණු 7(9)කටත්, චරිත් අසලංක ලකුණු 9(9) කටත් දැවී ගියා.

අසලංක දැවී ගියේ සිකන්ඩ රාසා යොමු කළ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල විසින් සිදු කළ ස්ටම්ප් කිරීමකට හසු වීමෙන්. (දර්ශන පහතින් නරඹන්න)

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා.

චාමික කරුණාරත්න පන්දුවාර 2ක් යොමු කළ අතර, එහිදී ඔහු ලකුණු 19 ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...