Watch : තෙවැනි දිනය සුපිරි අවසානයකට ගෙන ගිය සිරාජ්ගේ සුපිරි යෝකර් පන්දුව

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය සෙනසුරාදා (2) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී නිමා වුණේ තරගයේ ජයග්‍රහනය කණ්ඩායම් දෙකටම විවර කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 374 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 50 ක්.

ඒ අනුව තරගය ජය ගනිමින් තරගාවලිය තරග 3-1 ක් ලෙස ජය ගැනීමටනම් එංගලන්තය තවත් ලකුණු 324 ක් ලබා ගත යුතුයි.

තරගය ජය ගනිමින් තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට ඉන්දියාව තවත් කඩුලු 9ක් හෝ 8ක් (ආබාධයකට ලක් වූ ක්‍රිස් වෝක්ස් පන්දුවට පහර දීමට පැමිණීම හෝ නොපැමිණීම අනුව එය තීරණය වේ) දවා ගත යුතු වනවා.

තෙවැනි දිනය අවසන් වීමට තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබූ පසුබිමක මොහමඩ් සිරාජ් විසින් එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිමේ දැවී ගිය එකම කඩුල්ල වූ සැක් ක්‍රව්ලිගේ කඩුල්ල දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා. දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 14 ක්. (දර්ශන පහතින්)

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 224 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 247 ක්.

ඉන්දීය දෙවැනි ඉනිම තෙවැනි දිනයේදී ලකුණු 396 කට සීමා වුණා. යශස්වි ජයිස්වාල් ලකුණු 118 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...