Watch : චමීරගෙන් සුපිරි පන්දු යැවීමක් – දවා ගත් කඩුලු 4 මෙන්න

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 තරගාවලියේ 5 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඊයේ(22) රාත්‍රියේ සමත් වුණා.

ඩුබායි හී දී පැවැති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සාජා වොරියර්ස් කණ්ඩායමයි. මෙම තරගයෙන් වොරියර්ස් කණ්ඩායමට කඩුලු පහක ජයක් හිමි වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඩුබායි කැපිටල්ස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තා.

සෑම් බිලින්ග්ස් ලකුණු 52(31) ක් හා සිකන්ඩ රාසා ලකුණු 48(23) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඩැනියල් සෑම්ස් ලකුණු 28 කට කඩුලු 3ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ ලකුණු 32 කට කඩුලු 2ක් බිද හෙලුවා.

ඩිල්ෂාන් මදුෂංක යොමු කළ පන්දුවාර 4 තුළ දී ලකුණු 49 ක් ප්‍රතිවාදීන් රැස් කළ නමුත්, ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට මෙම තරගයේ දී හැකි වූයේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 18.5 ක් අවසානයේ කඩුලු පහක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජොන්සන් චාර්ල්ස් පන්දු 51 කින් ලකුණු 93 ක් රැස් කළේ හයේ පහර 6ක් හා හතරේ පහර 8ක් සමගින්. නිරෝෂන් දික්වැල්ල රැස් කළේ ලකුණු 7ක් පමණයි.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 28 කට කඩුලු 4 ක් දවා ගත්තා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...