Watch : කෝලි පිට පිට දෙවැනි වරටත් පළමු පන්දුවෙන් දැවී ගිය හැටි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාට් කෝලි අද(23) අඛණ්ඩව දෙවැනි වරටත් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගයේ දී යි.

එම තරගය අද(23) රාත්‍රියේ දී මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර, බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමේ පළමු කඩුලු 3 ඉනිමේ දෙවැනි පන්දුවාරයෙන් දැවී යාම විශේෂත්වයක්.

මාර්කෝ ජන්සෙන් යොමු කළ එම පන්දුවාරයේ දී දැවී ගියේ ෆෆ් ඩු ප්ලෙසිස්, විරාට් කෝලි හා අනුජ් රාවත්.

කෝලි පළමු පන්දුවෙන්ම දැවී ගියේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ඒඩ්න් මාක්‍රම් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

පසුගිය 19 වැනිදා පැවැති තරගයේ දී ද විරාට් කෝලි පළමු පන්දුවෙන්ම දැවී ගියා.

ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේයි.

අද තරගයේ දී දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...