මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය අද (6) රාත්රී 7.30ට ඩුබායි හී දී ආරම්භ වුණා.
ඒ, ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 13 දී දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් වුණෘ.
කේ. එල් රාහුල් ලකුණු 6 කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.
අනතුරුව පිටියට පිවිසි විරාට් කෝලි ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.
ඩිල්ෂාන් මදුෂංක යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි කෝලිට සිය කඩුල්ල අහිමි වුණේ. (දර්ශන පහතින්)
https://twitter.com/cric12222/status/1567160227275079681?s=19

