Watch : ක්‍රීඩාංගනයේ හට ගත් ගින්නක් හේතුවෙන් BBL තරගයක් අතරමග තාවකාලිකව නතර කෙරේ

Date:

2024/25 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට වේලාවෙන් අද (16) දහවල් ආරම්භ වූ තරගාවලියේ 36 වැනි තරගය අතරතුරදී ඇති වූ ගින්නක් හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කර තැබීමට සිදු වුණා.

මෙම තරගය බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණේ බ්‍රිස්බේන් හීට් හා හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම් අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් හීට් කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තා.

හරිකේන්ස් ඉනිමේ සිව්වැනි පන්දුවාරය අවසන් වීමත් සමගයි DJ සංගීතය ලබා දෙමින් තිබූ ස්ථානයේ මෙම ගිනි ගැනීම හට ගත්තේ.

ගින්න පාලනය කිරීම සදහා ක්‍රීඩාංගනයේ සේවකයින් කිහිප දෙනෙකුම උත්සාහයක නිරත වන ආකාරය දැක ගත හැකි වුණා.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, ඒ ආසන්නයේ තිබූ ප්‍රේක්ෂකගාර තුළ සිට තරගය නරඹමින් සිටි ප්‍රේක්ෂකයින් වෙනත් ස්ථාන වෙත මාරු කිරීමට ද පියවර ගෙන තිබුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...