Watch : ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රේක්ෂකයෙක් රැක ගත් සුපිරිම උඩ පන්දුව ද මේ?

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය අද(14) පර්ත්හීදී ආරම්භ වුණා.

පළමු තරගයෙන් Sydney Sixers කණ්ඩායම පරදා කඩුලු පහක ජයක් හිමි කර ගත්තේ Perth Scorchers කණ්ඩායමයි.

Cooper Connolly පන්දු 31 කින් ලකුණු 59 ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නේ හයේ පහර 5 කින් හා හතරේ පහර 3 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

ඔහු එල්ල කළ එක් හයේ පහරකින් පසුව පන්දුව ප්‍රේක්ෂකාගාරය වෙත ඇදී ආ අතර, එම අවස්ථාවේදී එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට ප්‍රේක්ෂකයෙකු සමත් වුණා.

ඔහු තනි අතින් එය රැක ගත් ආකාරය බොහෝ දෙනෙකුගේ ඉහළ ප්‍රශංසාවට ලක්ව ඇති ආකාරයක් දැක ගත හැකියි.

ඔහුගේ අනෙක් අතේ බියර් කෝප්පයක් ද තිබූ පසුබිමකයි ඔහු මෙම උඩ පන්දුව රැක ගත්තේ.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 11 ක තරගයක් ලෙසයි පැවැත්වුණේ.

පළමුව පන්දුවට පහරදුන් Sixers කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 113 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Scorchers පිල ඉනිම නිමා වීමට පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

උඩ පන්දුව රැක ගත් අවස්ථාවේ දර්ශන දෙකක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...