Watch : ක්‍රිකට් ඉතිහාසයම උඩු යටිකුරු කරමින් ආකාශ්ගෙන් පිට පිට හයේ පහර 8ක් ; ලෝක වාර්තා රැසක් බිද වැටෙයි

Date:

ඉන්දියාවේ Meghalaya කණ්ඩායමේ පිතිකරු Akash Kumar Choudhary පළමු පෙල ක්‍රිකට් තරගයක එක් පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කළ ඉතිහාසයේ තෙවැනි ක්‍රීඩකයා ලෙස අද වාර්තා අතරට එක් වුණා.

එමෙන්ම ඔහු පළමු පෙල තරගයක වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව ද බිද දමමින් පන්දු 11 කින් සිය අර්ධ ශතකය වාර්තා කිරීම ද කැපී පෙනුණා.

Arunachal Pradesh කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන රංජි කුසලාන තරගයකදීයි Choudhary මෙම වාර්තා පිහිටුවනු ලැබුවේ.

ඔහු මෙම තරගයේ දෙවැනි දිනය වන අද දිනයේදී සිය කණ්ඩායමේ පළමු ඉනිමේ 126 වැනි පන්දුවාරයේදී වමත් දග පන්දු යවන ක්‍රීඩක Limar Dabi එරෙහිවයි හයේ පහර 6 එල්ල කළේ.

එමෙන්ම ඔහු අඛණ්ඩව හයේ පහර 8ක් එල්ල කරමින් එවැනි දක්ෂතාවයක් පළමු පෙල තරගයකදී දැක් වූ ලොව පළමු ක්‍රීඩකයා බවට ද පත් වුණා

මීට පෙර එක් පන්දුවාරයකදී හයේ පහර හයක් මෙම තරග රටාවේදී එල්ල කර තිබුණේ රවී ශාස්ත්‍රී හා ගැරී සෝබර්ස් පමණයි. දකුණු අප්‍රිකාවේ Mike Procter ද පිට පිට හයේ පහර හයක් එල්ල කර තිබූ නමුත්, ඔහු එම දක්ෂතාවය දැක් වූයේ පන්දුවාර දෙකක් තුළදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...