Watch : ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින් සිය ඓතිහාසික ජය සැමරූ අයුරු මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයේ දී පාකිස්තානය පරදා ඇෆ්ඝනිස්තානය ලැබූ පෙරළිකාර ජයත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා කණ්ඩායම් අතර පවතින තරගය මේ වන විට තව තවත් උණුසුම් වී තිබෙනවා.

මෙම තරග ජය පාකිස්තානයට එරෙහිව ඇෆ්ඝනිස්තානය ලැබූ පළමු එක්දින තරග ජය වීම ද විශේෂත්වයක්.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 282 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එය ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එක්දින ඉතිහාසයේ දී තරගයක් හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

මෙම තරගයෙන් පසුව ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් මෙන්ම එරට ප්‍රේක්ෂකයින් ද සිය ඓතිහාසික ජය ඉතා ඉහළ අයුරින් සමරන අයුරු දක්නට ලැබුණා.

මේ අතර, ඊයේ තරගයෙන් පසුව පාකිස්ථාන නායක බාබර් අසාම් විසින් ඇෆ්ඝනිස්තාන පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් වෙත ක්‍රිකට් පිත්තත් ත්‍යාග කිරීම ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ සිදුවීමක් බවට පත් වුණා.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...