Watch : අතීතය යළි සිහි කළ ඩිවිලියස්ගේ සුපිරි ශතකය මෙන්න

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රිකට් තරු රැසක් පිරිවරාගෙන World Championship of Legends පන්දුවාර විස්සයි 20 තරගාවලිය මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙනවා. එහි 8 වන තරගය ඊයේ England Champions සහා South Africa Champions කණ්ඩා‍යම් අතර පැවැත්වුනා.

මෙම තරගය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුවිශේෂී වූයේ කලකට ඉහත ක්‍රිකට් ක්‍රීඩාවේ සිටි අග්‍රගණ්‍ය පිතිකරුවකු වු ඒ.බී. ඩිවිලියර්ස්ගේ සුපිරි පිතිකරණය යළිත්වතාවක් සජීවීව නැරඹීමට හැකියාව ලැබීම නිසයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් England Champions කණ්ඩා‍යම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් බිඳ වැටී ලබාදුන් ලකුනු 152 ක ඉලක්කය, කිසිදු කඩුල්ලක් බිඳ නොවැටී පන්දුවාර 12 කදී හඹයාමට South Africa Champions කණ්ඩා‍යම සමත්වුනා.

එහිදී සුපිරි ඉනිමක නිරත වු ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 51 කදී ලකුනු 116 ක් නොදැවී රැස්කිරීමට සමත්වුනා. ඔහුගේ ඒ සුපිරි ඉනිම හයේ පහරවල් 7 ක් සහ හතරේ පහරවල් 15 කින් සමන්විත වුනා.

ඔහුට අනෙක් අන්තයේ සහයෝගයක් දෙමින් හශීම් අම්ලා පන්දු 25 කදී නොදැවී ලකුනු 29 ක් රැස්කලා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...