Watch : ධනංජය 98 න් දැවී ගියේ විනිසුරු කළ ප්‍රකාශය නිසා ද ?

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද (20) දිනයේ දී ලකුණු 98 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී යාමට ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ධනංජය ද සිල්වාට සිදු වුණා.

වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී ඔහු එලෙස දැවී ගියේ මයිකල් බ්‍රේස්වෙල්ගේ පන්දුවක් හමුවේ short leg හි පන්දු රකිමින් සිටි හෙන්රි නිකල්ස් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

paddle scoop පහරක් එල්ල කිරීමට යාම හේතුවෙනුයි ධනංජයට ලකුණූ දෙකකින් සිය ශතකය අහිමි වුණේ.

එම දැවී යාමට පෙර පන්දු දෙකේ දී පන්දුව යොමු කරන අවස්ථාවේ දී ම ස්ලිප් ක්‍රීඩකයා පා ඉන්න දෙසට දිව යන ආකාරයක් දැක ගත හැකි වුණා.

පන්දුව යොමු කරන තුරු එලෙස දිව යාමට කටයුතු නොකරන ලෙසට විනිසුරු විසින් ස්ලිප් ක්‍රීඩකයා හට සිහිපත් කිරීමක් සිදු කිරිමෙන් පසුව යොමු කෙරුණු පළමු පන්දුවේ දී යි ධනංජය ද සිල්වා දැවී ගියේ. (දර්ශන පහතින් නරඹන්න)

විනිසුරු කළ දැනුම් දීම හේතුවෙන් ස්ලිප් ක්‍රීඩකයා පා ඉන්න දෙසට මීළග පන්දුවේ දී දිව යාමෙන් වළකිනු ඇති බවට හෝ ප්‍රමාද වී දිව යනු ඇති බවට කළ අනුමානයකින් පසුව ධනංජය paddle scoop පහර එල්ල කළා විය හැකියි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 164 ක් පමණයි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා රැස් කළ ලකුණු 98 ට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 62 ක් හා නායක දිමුත් කරුණාරත්න ලකුණු 51 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 50 යි.

ධනංජය ද සිල්වා දැවී ගිය අයුරු හා ඊට පෙර පන්දු දෙකේ දී වූ සිදුවීමට අදාළ දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...